ඊයේ රෑ මහර බන්ධනාගාරයෙන් සිරකරුවන් පනින්න හදලා - අයෙක් මරුට

Ad Code

ඊයේ රෑ මහර බන්ධනාගාරයෙන් සිරකරුවන් පනින්න හදලා - අයෙක් මරුට

 ඊයේ රාත්‍රියේ මහර බන්ධනාගාරයේ රැඳවියන් 7 දෙනෙකු පළා යාමට උත්සාහ කර තිබෙන අතර එම අවස්ථාවේ ආරක්ෂක නිලධාරීන් එය වළක්වන්නට දැරූ ප්‍රයත්නය අතරතුර කඹයකින් වැටී එක් අයෙකු
මියගොස් තිබේ.

පැනයාමට ගත් උත්සාහය නිලධාරින් ව්‍යර්ථ කරන ලදැයි පොලිසිය දන්වා ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියා සිටියේ  කඹයක් යොදාගනිමින් මෙම පිරිස පලායාමට උත්සාහ දරා ඇති බවත් වලක්වන්නට දැරූ උත්සාහයේදී බන්ධනාගාර ආරක්ෂකයන් දෙදෙනෙකුට පහරදී ඇති බවයි. මෙහිදී කමයෙන් ඇද වැටීමක් හේතුවෙන් 38 හැවිරිදි බන්ධනාගාර රැඳවියෙකු මියගොස් ඇති අතර අනෙක් 6 දෙනා නැවත බන්ධනාගාර නිළධාරීන් විසින් සිය ග්‍රහණයට ගෙන සිර කූඩුවට යොමු කර ඇත.
පහර කෑමෙන් තුවාල ලැබූ බන්ධනාගාර ආරක්ෂකයන් දෙදෙනා රෝහල්ගත කර තිබෙයි.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Close Menu