යාපනයේ සිට කිළිනොච්චිය දෙසට පැමිණෙමින් තිබූ ආරක්ෂක අංශ සතු ගිලන් රථයක ගැටී  21 දා සවස
එක් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ යාපනය කිළිනොච්චිය මාර්ගයේ පලෙයි තම්බගාමම් හන්දියේදීය.
ගිලන් රථය පැමිණි දිසාවටම යතුරු පැදියකින් පැමිණෙමින් සිටි ස්වාමිපුරුෂයෙකු හා භාර්යාවක් ගිලන් රථයේ ගැටීමෙන් පසුව ස්වාමිපුරුෂයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර භාර්යාව තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.
මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 55 ක පුද්ගලයෙකි.
කිළිනොච්චිය පලෙයි පොලීසිය මේ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

වවුනියාව-රසාදි චතුරංගි ගමගේ