කරීනා කපූර් සහ සයිෆ් අලි ඛාන්ගේ විවාහ මංගල්‍යයේ පැරණි ඡායාරූපයක් රසික රසිකාවියන් විසින් සොයාගෙන ඇත.  මෙම පින්තූරයේ පැටවුඩි පවුල විවාහක යුවළ සමඟ මනරම් ලෙස පෙනී සිටින ආකාරය දැක්වේ.



රූපයේ දැක්වෙන්නේ සයිෆ්ගේ මව වන ෂර්මිලා තාගෝර්, අමරිතා සිං සමඟ පළමු විවාහයේ පුත් වන ඉබ්‍රාහිම්ව අල්ලාගෙන සිටින අයුරුයි.  වම් කෙළවරේ ඇගේ සොහොයුරු සෝහා පෙනී සිටින අතර සාරාද මෙම ඡායාරූපයේ සිටී. මනාලිය ලෙස සැරසී සිටින කරීනා කපූර් ඇගේ නැන්දම්මාට පිටුපසින් සිටිනු දක්නට ලැබේ.

කරීනා සහ සයිෆ්ගේ විවාහ මංගල්‍යයේ පින්තූරයක් අන්තර්ජාලයට පිවිසි පළමු අවස්ථාව මෙය නොවේ. නමුත් මෙම ඡායාරූපය මීට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබී නැත. කරීනා සහ සයිෆ්ට ඇත්තේ ඉතා සුන්දර ප්‍රේම සම්බන්ධතාවයකි. 2008 වසරේ ටෂාන් චිත්‍රපටයේ රූගත කිරීම් වලදී ඔවුන් ආදරයෙන් බැඳී ඇති අතර වසර හතරක පමණ කාලයක් ප්‍රේමවන්තයින් ලෙස සිටිමින් පසුව 2012 දී මොවුන් මෙසේ විවාහ වී ඇත. 2016 දෙසැම්බරයේ කරීනා සහ සයිෆ් දෙමාපියන් බවට පත්වේ.
මෙය සයිෆ්ගේ දෙවන විවාහයයි.  කරීනාට පෙර ඔහු විවාහ වූයේ නිළියක වන අමරිතා සිං සමඟ වන අතර ඔවුන්ට දරුවන් දෙදෙනෙක් සිටියි. මෙය ඔහුගේ දෙවන විවාහය වුවද ඔවුන් දෙදෙනා ඉතා සතුටින් සිටින බව පෙනෙන්නට ඇත.

රිෂ්මි ඉෂාරා