අගහරුවාදා (26) කොළඹ ඇඳිරිනීතිය ඉවත් කළත් පෞද්ගලික බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදු කළ නොහැකි යැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඊයේ (24දා) පැවසීය.
රජය කොළඹ ගම්පහ හැර  අන්තර් පළාත් අතර බස් ධාවනයට අවසර දුන්නත් කොළඹ ධාවනය සීමාවීම නිසා
සමස්තයක් ලෙස ධාවනය අඩුවනු ඇතැයි ඔහු කියා ඇත.

 දුර ගමන් සේවා බස් රථ ගමන් ආරම්භ කිරීමේදී එක් මගියෙකුගෙන් සාමාන්‍ය ගාස්තුව මෙන් එකහමාර ක මුදලක් අය කිරීමට අවසර ලබා දෙන්නැයි පුද්ගලික බස් රථ සංගම් කිහිපයක් ඉල්ලීම් කරත් තවම යහපත් ප්‍රතිචාර නැතැයි ඔහු කීය.

අඟහරුවාදා දින කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික හැර අනෙක් දිස්ත්‍රික්ක අතර අන්තර් පළාත් බස්රථ සේවා ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති නිසා මෙම ගාස්තු අයකිරීම එදින සිට සිදු කිරීමට අවසර ඉල්ලා ඇති බවද ඔහු කීය.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය නිර්දේශ මත බස් රථයක ගෙනයා හැක්කේ සාමාන්‍ය ප්‍රමාණයෙන් අඩකට වඩා අඩු මගීන් ප්‍රමාණයක් වීම හේතුවෙන් ගාස්තුව මෙසේ ඉහළ නංවන්නේ නැතිනම් පාඩු බව ඔහු කියයි.
රාජ්‍ය ආයතන හා වෙනත් පෞද්ගලික ආයතනවල කාර්යාල කොළඹ දිස්ත‍්‍රික්කයේ පවතින නමුත් පවතින නීති නිසා බස් රථවලට මගීන් පැමිණීම අඩු වන බව ද ඒ මහතා කීවේය. මේ නිසා අන්තර් පළාත් අතර බස් ධාවනයට අවසර දුන්නත් කොළඹ මගීන් පැමිණීම සීමා වීම තුළ බස් හිමියන් ද බස් රථ ධාවනය සීමා කරනු ඇති බව ඔහු කීවේය.