ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව හෙට දිනය වනවිට ලක්ෂය ඉක්මවනු ඇතැයි පුරෝකථනය වී ඇත. මේ වනවිට 98740 ක් වන එම අගය මරණ සිදුවූ රටාව අනුව පැය
කිහිපයක් ඇතුළත එම වෙනස සිදුකිරීම

සමග ව්‍යසනයේ දරුනුම බලපෑම ඇමරිකාව සටහන් කරනු ඇත.
මේ වනවිට 36000 ඉක්මවා ඇති එක්සත් රාජධානියත්, 32000 ඉක්මවූ ඉතාලියත් දෙවැනි තෙවැනියන්ය.
ඇමරිකාවේ ප්‍රධාන පෙළේ පුවත්පතක් වන ද නිව්යොර්ක් ටයිම්ස් මැයි 24 වැනිදා පුවත්පතේ මුල් පිටුව අවමංගල්‍ය දැන්වීමක් බවට පත් කරමින් මෙම මරණ සිදුවූ අයගේ නම් ලැයිස්තුවක් පළ කර ඇති අතර ඇතුළු පිටුවකටද යොමු කරමින් ඔවුන් නම් 1000 කගේ ලැයිස්තුවක් පළ කර ඇත.
එහි මියගිය අයගේ නම, වයස, රුචිකත්වය හෝ රැකියාව ආදී විස්තර ඇතුළත් කර තිබේ.

‘‘මෙහි නම් සඳහන් පුද්ගලයන් 1,000කගෙන් සම්පූර්ණ මරණ සංඛ්‍යාවෙන් සියයට 1ක් නිරූපණය වෙනවා.’’ මේ ගැන සටහනක් තබන පුවත්පත මෙයින් රෝගයේ බිහිසුණුකම ගැන පාඨක අවධානය මතුකිරීම අපේක්ෂා කරන බව පවසා ඇත.