නව කොරෝනා වෛරස ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විවිධාකාරයේ සෞඛ්‍ය උපදෙස් ලබාදී තිබේ. කැස්සක් ඇතිවන අවස්ථාවකදී වැලමිට ආධාරයෙන් මුඛය ආවරණය
කරගන්නා ලෙසද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ. මේත් සමග වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා එල්බෝ සොක්ස් නැමැති නව නිර්මාණයක් කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත. මෙම අපූරු නිර්මාණාත්මක සොයාගැනීම සිදුකර ඇත්තේ ලන්දේසි මෝස්තර චිත්‍රාගාරයක් විසිනි.

වැලමිට සඳහා පළඳින මෙම මේස් තුළ දීප්තිමත් හා වර්ණවත් මෝස්තර දක්නට ලැබේ. කිවිසුම් යන විට වැලමිට භාවිතා කිරීමේ දී මෙම මේස් එකද භාවිත වේ.  එල්බෝ සොක්ස් මෝස්තරය ඔබේ ඇඳුම් පිරිසිදුව තබා ගැනීමටත් වයිරසයෙන් ආරක්ෂා වීමටත් ඔබට උපකාර වේ.

මෙම එල්බෝ සොක්ස් ඇඳීමෙන් පසු එය සෝදා පිරිසිදු කර නැවත භාවිතයට ගත හැක. එමෙන්ම තමන්ට කැමති ආකාරයේ නිර්මාණයන් මේ සඳහා යොදා ගැනීමට අවස්ථාව හිමිවේ. කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ප්‍රායෝගික විසඳුම් සෙවීම සඳහා චීන නිර්මාණකරුවන් වන ෆ්‍රෑන්ක් චෞ සහ චෙන් මින් විසින් එල්බෝ සොක්ස් නිර්මාණය කරන ලදී. මෙය ජනතාවගේ සනීපාරක්ෂාව පවත්වා ගෙන යාමට බොහෝ සෙයින් උපකාරී වනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වේ.

- රිෂ්මි ඉෂාරා -