ඉන්දීය සුපිරි නළු රිෂී කපූර් ජීවිතක්ෂයට පත්වීම බොහෝ දෙනාගේ සිත් සතන් කම්පාවට පත් කළ පුවතක් විය. ඉන්දීය නළු අමිතාබ් බච්චන් විසින් තම ට්විටර් ගිණුම හරහා
රිෂී කපූර්ගේ වියෝව පිළිබඳව තමා අතිශය සංවේගයට පත් වන බව පවසා තිබුණි.
Rishi  Kapoor gone just passed away - I am destroyed! එහි සටහන් විය.


ඉන්දීය සිනමාවට පෑයූ තවත් තරුවක් වන ඉර්ෆාන් ඛාන්ද පසුගිය දිනකදී ජීවිතයෙන් සමුගන්නා ලදී. ප්‍රවීන රංගන ශිල්පී රිෂි කපූර් වයස අවුරුදු 67 දී මෙසේ අභාවප්‍රාප්ත වී ඇත. ඔහු අවසන් හුස්ම හෙළුවේ මුම්බායිහි ශ්‍රීමත් එච් එන් රිලයන්ස් පදනමේ රෝහලේ වන අතර ඔහුගේ බිරිඳ වන නිළි නීතු කපූර් ඔහුගේ වියෝව හේතුවෙන් දඩි කනස්සල්ලට පත්ව ඇත.

ඔහුගේ සහෝදරයා වන රන්දීර් කපූර් විසින් පවසා ඇත්තේ රිෂී කපූර් හට කිසිදු රෝගයක් නොතිබූ නමුත් හදිසි තත්වයක් හේතුවෙන් ඔහුව රෝහල්ගත කළ බවයි. රන්දීර් කපූර් මෙසේ පවසා ඇත්තේ ඊයේ දිනයේදීයි. රිෂී කපූර්ගේ මෙම වියෝව කපූර් පරපුරට පමණක් නොව ඉන්දියාවේ මෙන්ම ලෝකයේ සියලු සිනමා ලෝලීන්ටද ඉතා සංවේගය දනවන පුවතක් වී තිබේ.