හෙට (26) සිට දිවයින පුරා
ඇඳිරි නීතිය ලිහිල් භාවයට ලක් කළත් රංචුගැසී සිටීම, රැස්ව සිටීම ආදී ක්‍රියාවන්
තවදුරටත් තහනම් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දන්වා සිටියි.
කිසියම් කොට්ඨාසයක් රැස්වීමකට ආරාධනා කරන්නේ නම් එය ප්‍රතික්ෂේප කිරීමට සියල්ලන් බැඳී සිටින බව හෙතෙම පැවසීය. එවැනි යෝජනාවක් කරන අය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ හැකි බවද ඔහු වැඩිදුරටත් දැන්වීය.
මාලිගාවත්ත ප්‍රදේශයේ ඉකුත් දා ඇතිවූ තෙරපීමේ සිදුවීම වැනි සිද්ධි උදාහරණයට ගනිමින් ඔහු මේ බව දන්වා සිටියේය.