නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාරියට පැමින සිටි 600 කට ආසන්න පිරිසක් නැවත නිවෙස් වෙත යාම නවතා
ආරක්ෂීතව නේවාසිකාගාර තුල රදවා ඇති බව වාර්තා වෙයි.


ලක් විජය බලාගාරයේ ගිණුම් හා මානව සම්පත් ඒකකයේ සේවය කරන 9 දෙනෙකු මෙසේ උණ , උගුර අමාරුව ඇතුළු රෝග ලක්ෂ පෙන්නුම් කර තිබෙයි.

අදාල රෝග ලක්ෂණ පෙන්නුම් කල 9 දෙනා පුත්තලම මුලික රෝහලේ විශේෂ දී පි.සි.ආර්.පරික්ෂණ සදහා අදාල ජෛව පටල සාම්පල ලබා ගෙන ඇති බවද ආපසු මොවුන් රැගෙන ගොස් විදුලිබල මණ්ඩල නේවාසිකාගාර තුළ ආරක්ෂීතව රදවා ඇති බව ද සඳහන් වේ.

 රටේ විදුලි අවශ්‍යතාවයෙන් 60% ආසන්න දායකත්වක් දක්වන ලක් විජය බලාගාර කළමණාකරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතාගෙන් කළ විමසිමේදි පවසා සිටියේ .
“ අපේ කාර් යාල පරිශ්‍රය තුල සේවය කරන පිරිසක් උගුර අමාරුව ඇතුළු රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අප වහාම සේවයට පැමින සිටි 600 කට ආසන්න පිරිස් නිවෙස් වෙත හා ගම්බිම් වෙත යාම නවතා දැමුවා .
එය කලේ ආරක්ෂීත පියවරක් ලෙසයි .මොකද අපේ අසනිප වු පිරිසේ පරික්ෂණ වාර්තා හෙට දිනයේ ලැබුන පසු අපි එම තත්වය අනුව ක්‍රියාත්මක වී පිරිස් මුදා හරින්න කටයුතු කරනවා.” යනුවෙනි.
update news -
ඊයේ සිදු කළ පීසීආර් පරීක්ෂණ වල ප්‍රතිඵල අද (23) අනුව ඒ සියල්ල සෘණාත්මක වී ඇති බව
M.O.H. Kalpitiya දන්වා ඇත.