ඉන්දියානු සුපිරි නිළි කත්‍රිනා කයිෆ් යනු බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වූ යොවුන් රංගන ශිල්පිනියකි. කත්‍රිනා කයිෆ් නව චොපිං තාක්‍ෂණයක් ඔස්සේ ඉවුම් කිරීමේ ක්‍රමයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත කිරීමට ඉහළ ප්‍රතිචාර ලැබුණ අතර එය ඉන්ස්ටර්ග්‍රෑම් ලක්ෂ 60 කට ආසන්න නැරඹුම් වාර්තා කරන ලදි.

 නව කොරෝනා වෛරස වසංගතය ලොව පුරා පැතිරීමත් සමඟ ඉන්දියාවද අගුලු දැමීමේ ක්‍රියා පටිපාටියන් අනුගමනය කරමින් සිටින මෙම කාලවකවානුව තුළ කත්‍රිනා කයිෆ් නිවසේ සිට මෙසේ ඉවුම් පිහුම් කලාව ප්‍රගුණ කරමින් සිටින බවට විවිධ ආරංචි පලවී තිබුණි. ඇය සහ ඇගේ සහෝදරිය වන ඉසබෙල් මුළුතැන්ගෙයෙහි නව උත්සාහයන්හි යෙදෙන වීඩියෝ දර්ශන ද මේ දිනවල බොහෝ සෙයින් ජනප්‍රියව ඇත.


අඟහරුවාදා දින කත්‍රිනා කයිෆ් විසින් චීස් මෙන් පෙනෙන දෙයක් වෙනත් ක්‍රමයකින් කපනු ලබන කෙටි වීඩියෝවක් ප්‍රචාරය කර තිබුණි. ඇය ඉතා විනෝදකාමිව මෙම ක්‍රියාවේ යෙදෙන බව මෙම වීඩියෝවේ දැක්වෙන අතර emoji කිහිපයක් සමඟින් ආහාර පිසීම සහ නිවසේ වැඩ කිරීම යන ශීර්ෂ පාඨයද ඇය එම වීඩියෝවට ඉහලින් සදහන් කර තිබුණි. ඇය මෙවැනි විනෝදකාමී ඉවුම් පිහුම් වීඩියෝ රැසක් බෙදා හදාගන්නේ ඇගේ සහෝදරිය වන ඉසබෙල් සමගිනි.


අක්ෂේ කුමාර් ප්‍රධාන චරිතයට පණ පොවන රෝහිත් ෂෙට්ටිගේ සූරියවන්ෂි නම් චිත්‍රපටය එළිදැක්වීමට කත්‍රිනා මේ දිනවල බලා සිටී.  දශකයකට පසු නැවත මොවුන් දෙදෙනා තිරය මතට එක්වන මෙම චිත්‍රපටය පසුගිය මාසයේ තිරගත වීමට නියමිතව තිබූ නමුත් නව කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ එය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. චිත්‍රපටය තිරගත වීම එසේ කල් ගියද කත්‍රිනා කයිෆ් තම ප්‍රේක්ෂකයන් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් මෙවැනි ක්‍රියාකාරකම් සමගින් එකතු වන බව පෙනෙන්නට තිබේ. 
(රිෂ්මි ඉෂාරා)