පසුගිය දිනවල  බ්‍රිතාන්‍ය ඇමරිකාව ස්විට්සර්ලන්තය ඇතුළු රටවල කොරෝනා ආශ්‍රිතව දරුවන්ට වැළඳෙන කවසාකි රෝගය ගැන අනතුරු හඟවා තිබූ අතරමේ දුර්ලභ රෝගය නිසා
නිව්යෝර්ක් නුවර දරුවකු මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අල්ජසීරා වාර්තාවකට අනුව නිව් යෝර්ක් ප්‍රාන්තයේ පස් හැවිරිදි පිරිමි ළමයෙකු කොරෝනා වෛරසය නිසා ඇතිවිය හැකි යැයි විශ්වාස කෙරෙන දුර්ලභ රෝගයකින් මියගොස් ඇති බව ආණ්ඩුකාර ඇන්ඩෘ කියෝමෝ පැවසීය.
කවාසාකි රෝගය හා විෂ කම්පන සින්ඩ්‍රෝමය වැනි රෝග ලක්ෂණ මොහුට තිබූ බව පැවසේ.
මේ ලක්ෂණ සහිත දරුණු ලෙස රෝගාතුර ළමුන් එම ප්‍රාන්තයේ පමණක් 73 ක් වාර්තා වී තිබේ.
“බ්‍රහස්පතින්දා 5 හැවිරිදි පිරිමි ළමයෙක් මෙම සංකූලතාවන්ගෙන් සමුගත්තේ COVID-19 නිසා යැයි විශ්වාස කෙරේ” යැයි කියුමෝ ට්විටර් වෙබ් අඩවියේ ලියා තිබේ.