දකුණු දිග යුරෝපීය රටක් වන රුමේනියාවේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකුට කොරෝනා වෛරස ආසාදිතවූ පුවත ඊයේ වාර්තා වූ අතර අද වාර්තාවන්නේ එලෙස ශ්‍රී ලාංකිකයින් අතර රෝගය පැතිර
යාම හේතුකොට එම ආයතනයේ සේවය කළ තවත් ලාංකිකයින් 44 දෙනෙකු සේවයෙන් නෙරපා ඇත බවයි.
උතුරු රුමේනියාවේ බොටොසානි හි

ඇඟලුම් කම්හලක සේවය කරන ශ්‍රී ලාංකික සේවකයින් 44 දෙනෙකුට මෙම අකරතැබ්බයට මුහුණ පාන්නට සිදුව ඇත.
 රොමේනියා ජ’නල් පුවත්පත වාර්තා කරන ආකාරයට තම සගයින්ට කොරෝනා වැළඳීමෙන් පසු  ශ්‍රී ලාංකිකයන් තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වේ යැයි බියෙන් රැකියාවට පැමිණීමට ප්‍රතික්ෂේප කර තිබූ බවත් ආයතනයේ හිමිකරු දේශීය කම්කරු පරීක්ෂක කාර්යාලයට මේ ගැන දැනුම් දී ඇති බවත් පසුව දිගින් දිගටම නිවාඩු ගැනීම නිසා හිමිකරු ශ්‍රී ලාංකිකයන්ව සේවයෙන් පහ කර ඇති බවයි.
මෙසේ සේවයෙන් ඉවත් කිරීම හරහා ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇත්දැයි සොයා බැලීමට පරීක්ෂණයක්ද දැන් ආරම්භවී ඇති බව එම පුවත්පත් වාර්තාවේ දැක්වේ.