යුද හමුදා නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව
හොරණ නගරයේ වෙළදසැල් 04ක සේවය කරනු ලබන සේවක සේවිකාවන් 26 දෙනෙකු ස්වයං
නිරෝධායනය සඳහා යොමු කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් අද (30) පියවර ගෙන තිබෙයි.
 පසුගිය දිනවල මෙරටට පැමිණි විදෙස් ගත ශ්‍රමිකයින් හැසිරවීමේ කටුනායක ගුවන් තොටුපලේ රාජකාරි සඳහා අනුයුක්ත කර සිටි මෙම යුද හමුදා නිලධාරියා මේ වන විට IDH රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුලත් කර ඇත.
මෙම හමුදා නිලධාරියා නිවාඩු ලබා නිවසට පැමිණි ඔහු පසුගිය 26 වෙනිදා අත්‍යවශ්‍ය කටයුතු කිහිපයක් සිදුකර ගැනීම සඳහා හොරණ නගරයේ වෙළදසැල් 04 කට ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙයි. අදාළ වෙළදසැල් වල සේවය කරනු ලැබූ සේවක සේවිකාවන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදුන් බවත් ලබන සතියේදී ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත් හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ශානක මල්ලිකාරච්චි ප්‍රකාශ කර සිටියි.