අඟහරුවාදා සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා ගමනා ගමන මණ්ඩලයට හා ලංකා ගමනා ගමන කොමිසමට උපදෙස් ලබා දී තිබෙනවා.


අද පෙරවරුවේ මේ සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිසමේ දී සාකච්ඡාවක් පැවැති අතර එහිදී තීරණ කිහිපයක් ගෙන තිබෙනවා.


ඒ අනුව, මාර්ග පහක් ඔස්සේ කොළඹට පැමිණෙන බස් රථ කොළඹ දක්වා ධාවනය නො කෙරේ.

නුවර පාරේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ ධාවනය කෙරෙනුයේ නිට්ටඹුව දක්වා පමණි.

කොළඹ 05 පාරේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ මිනුවන්ගොඩ දක්වා පමණක් ධාවනය කෙරේ.

ගාලුපාරේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ පානදුර තෙක් පමණි.
අවිස්සාවේල්ල හරහා කොළඹට හයිලෙවල් හා ලෝ ලෙවල් පාරේ ගමන් කරන අන්තර් පළාත් බස් රථ අවිස්සාවේල්ලෙන් නතර කළ යුතුය.

අනුරාධපුර – පුත්තලම හා කුලියාපිටිය සිට මීගමුව පාරෙන් කොළඹට එන අන්තර් පළාත් බස් රථ මීගමුවෙන් නතර කළ යුතුය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිට පැමිණෙන බස් රථ කොට්ටාව දක්වා පමණි.

බස් රථ ධාවනය පෙරවරු 4.30ට ආරම්භ කෙරෙන අතර අවසන් වේලාව පස්වරු 6.00 වෙයි.