දවසට වචන 10 ගාණෙ ඉංග්‍රීසි ඉගෙන ගන්න - සජිත්
Zoom (සූම්) වීඩියෝ සංවාදයකට එක්වූ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඇසූ පැනයක් වූයේ සජිත් ප්‍රේමදාස දේශපාලනඥයාගේ නිල ට්විටර් ගිණුම නියෝජිතයෙකු ලවා
යාවත් කාල කරන්නේද එහි පළවන පණිවිඩ වල වචන බර වැඩි ඇයිද යන්නයි.
එයට පිළිතුරු දුන් සජිත් කියා සිටියේ වෙනත් අය නොව තමාම එය යාවත්කාල කරන බවත් තමාගේ ඉංග්‍රීසි ගැන කාලයක් 'ඉංග්‍රීසි බැරි' බවට විවේචන තිබී දැන් ඒවා 'බර වැඩි' බවට විවේචනය වීම ගැන පුදුම වන බවයි. තමාද පියාගේ අඩිපාරේ යමින් දවසට වචන 10 ගානේ ඉංග්‍රීසි ඉගෙන ගන්නට උත්සාහ කරන බවත් එය අන් අයටද කළ හැකි බවත්ය.
සජිත්ගේ ට්විටර් පිටුවට යොමුව මෙතැනින්
https://twitter.com/sajithpremadasa
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 - by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com