කොරෝනා ටික් ටොක් අභියෝග නිසා මිනිසුන් මියයාහැකි බව වෛද්‍යවරුන් අනතුරු අඟවලා

තිබෙන බව පෙනේ. " කොරෝනා වෛරස අභියෝගය" හෙවත් "corona virus challenge" නමින් ප්‍රචලිත වී ඇති මෙම අභියෝගයද අහිංසක මිනිසුන්ගේ ජීවිත දැඩි අවධානයට ලක් කරන බවත් වක්‍රාකාරව මෙම අභියෝගයන් හේතුවෙන් ජනතාව මිය යාමට ඇති ඉඩකඩ ඉතා වැඩි බවත් වෛද්‍යවරු අනතුරු අඟවා තිබේ. ඉහත සඳහන් කළ පරිදි මෙම කොරෝනා වෛරසය අභියෝගය යනුවෙන් ප්‍රචලිත මෙම අභියෝගය පිළිබඳව කරුණු සොයා බැලීමේදී අපට අනාවරණය වූයේ ද මෙය සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව නොමග යවමින් ඔවුන්ගේ ජීවිත අනතුරුදායක තත්ත්වයකට පත්කරන අනුවණ ක්‍රියාවක් බවයි.
මේ අභියෝගය යටතේ විවිධ ලෝහමය භාණ්ඩත් වාහනවල දොරවල් පොදු ප්‍රවාහන වල තිබෙන ලෝහ ආධාරක වැනි බොහෝ දේවල් ලෙවකෑමට බොහෝ පිරිසක් පෙළඹී තිබේ. කිනම් අයුරකින් හෝ මෙම පෘෂ්ඨයක් මත වෛරසයට අදාළ බැක්ටීරියා රැඳී තිබේ නම් ඔවුන්ගේ මේ අනුවණ ක්‍රියාව හේතුවෙන් ජීවිත දස දහස් ගණනින් විනාශ වීමට ඉඩ තිබේ. මේ කාල වකවානුව තුළ ඉතා ප්‍රචලිත සමාජ මාධ්‍ය වේදිකාවක් වන TIK TOk මාධ්‍ය හරහා මෙය වඩාත් ප්‍රචලිත වී තිබේ. එමෙන්ම මෙසේ සිදුකළ අභියෝග වලට විශාල නැරඹීමේ ප්‍රමාණයක් (viewed) තිබේ. කෙසේ නමුත් මෙම අවදානම් සහගත ක්‍රියාව කිසිසේත් අනුමත කළ නොහැකි බව වගකිවයුතු බලධාරීන් මෙන්ම වෛද්‍යවරුන්ට පවසා ඇත.
(රිෂ්මි ඉෂාරා)