2019 පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාද්
බදුර්දීන් අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද දින (14) අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රහාරයට අදාළව සිදු කරගෙන යන අඛණ්ඩ විමර්ශන ක්‍රියාවලිය මත අද දින (14), පුත්තලම ප්‍රදේශයේදී මොහුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.
පාස්කු ප්‍රහාරය එල්ල වී වසරක් ගතවීමට අසන්න මොහොතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.