ඇදිරි නීතිය උල්ලංඝනය කළ බව කියමින් අත්අඩංගුවට ගනු ලැබූ රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සදහා තමන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ නීති තර්කය නීතීඥ එම්.ඒ. සුමන්තිරන් මහතා
අනාවරණය කරන ලද්දේ එය පදනම්ව වැරදි ප්‍රචාරයක් නොවන ලෙස මාධ්‍යයෙන් ඉල්ලමිනි.
සෞඛ්‍ය ගැටලුව විසදීමට රටට ඇදිරි නීතිය
අවශ්‍ය වන නමුත් නීතිමය තත්ත්වයක් යටතේ ඇදිරි නීතිය පැනවීමට රජය කටයුතු කර ‌නොතිබීම ‌පෙන්වා දී තමා රන්ජන්ට ඇප ලබාගත් බවත් ඔහු කීය.
“පොලිසිය ඉදිරිපත් කරපු කරුණ තමයි ඇඳිරි නීතිය කඩකළා, ඇඳිරි නීතිය තියෙන වෙලාවේ බලපත්‍ර නැතුව වාහනය ගෙනාවා කියන එතනින් තමයි පටන් ගත්තේ.
ඇත්තටම නීතියෙන් ඇඳිරි නීතියක් පනවලා නෑ. ඒක කරන්න පුළුවන්. නීතියෙ වෙන වෙන ක්‍රම කීපයක්ම තියෙනවා මොන හේතුවක් නිසාද මං දන්නෙ නෑ, රජය ඒක කරලා නෑ. ඒනිසා ඇඳිරි නීතිය කඩකළා, කියූ එක පෙලිසියේ තර්කය වැටුනා.
මම මතු කරපු කරුණු සලකලා බලලා රංජන් රාමනායක මහත්තයාට ඇප දීලා තියෙනවා”