බිල්පත් ගෙවීම් ප්‍රමාද වූ පාරිභෝගිකයන්ගේ දුරකථන /අන්තර්ජාල සබදතා විසන්ධි නොකරන්නැයි රජය මෙරට සියලු දුරකථන සමාගම්වලින්
ඉල්ලීමක් කර තිබෙයි.
තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ ඉල්ලීම කර ඇති අතර
අදාළ බිල්පත් ගෙවීම සදහා ජනතාවට සහන කාළයක් දෙන ලෙසද තමා සියලු දුරකථන සමාගම් වලින් ඉල්ලා සිටි බව බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.
ඒ පිළිබඳව TRCSL විසින්ද ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.