දිවයින පුරා මත්පැන්හල් නැවත දැනුම්දෙනතුරු වසා තැබීමට රජය නියම කර ඇති බව
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී.
ඊයේ ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු මත්පැන් අලෙවි කරන ස්ථානවල අනවශ්‍ය පරිදි දිගු පෝලිම් හා අනාරක්ෂිත හැසිරීම් වාර්තාවූ අතර මේ ගැන මාධ්‍ය තුළ දැඩි විවේචනාත්මක කතාබහක් පැනනැගිණි.
මෙම තහනම පැනවූයේ ඒ අනුවය.
ඊට අදාළ නිවේදනය පහත දැක්වේ.