හෙට සදුදා (20) හා බදාදා (22) දිනවල ඇදිරි නීතිය ලිහිල් කිරීම පිළිබඳ ජනපති මාධ්‍ය අංශය හා පොලිසිය
වෙන වෙනම එවූ නිවේදන වල මහනුවර කෑගල්ල හා අම්පාරේ ඇදිරි නීතිය ලිහිල් කිරීම පිළිබද තත්වය අපැහැදිලි ලෙස සටහන් කිරීම නිසා ව්‍යාකූල තත්වයක් පෙන්නුම් කර අතර එහි නිවැරදි තත්වය මතු පරිදි වේ.


ඇඳිරි නීතිය ඉවත් නොකොට දිගටම ක්‍රියාත්මක වන ප්‍රදේශ

  • මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ, අකුරණ පොලිස් බල ප්‍රදේශ
  • කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ පොලිස් බල ප්‍රදේශය
  • අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තු  පොලිස් බල ප්‍රදේශය

----------------------
 ඇඳිරි නීතිය අප්‍රේල් 20 සඳුදා සිට සෑම දිනකම උදේ 5.00ට ඉවත් කොට රාත්‍රී 8.00 ට යළි පනවන  ප්‍රදේශ
  • මහනුවර කෑගල්ල හා අම්පාර දිස්ත්‍රික්ක 03ට අයත් සෙසු පොලිස් බල ප්‍රදේශ