කොරෝනා වසංගතය හමුවේ රටේ උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිත

මෙම සාකච්ඡාව දහවල් 12.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකිරිමට නියමිත අතර ඒ සඳහා
එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රීවරු්න වන රවී කරුණානායක,රුවන් විජයවර්ධන, නවීන් දිසානායක ,දයා ගමගේ ,අර්ජුන රණතුංග  ලක්ෂ්මන් විජේමාන්න සහ පාලිත රංගේබණ්ඩාර යන මන්ත්‍රීවරුන්  සහභාගී වීමට නියමිත බව වාර්තා වෙයි.
⁣සෞඛ්‍ය පහසුකම් වර්ධනය කිරීම,නීතිය ක්‍රියාත්මක කිරීම,සහනාධාර බෙදාහැරීම, ඖෂධ බෙදාහැරීම ,
අධ්‍යාපන සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුළු ක්‍ෂේත්‍ර රැසක් පිළිබඳව මෙම සාකච්ඡාවේදී
අවධානයට ලක් වනු ඇත.