ලබන අප්‍රේල් 21 දින ආරම්භ කිරීමට නියමිත ඊළඟ පාසල් වාරය රටේ පවතින තත්වය සලකා බලා කල් යාමට ඉඩ ඇති බවත් එ් ගැන දැන්ම ප්‍රකාශ නොකරන බවත්

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය
ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේය.
මේ වසරේ අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය කල් නොදමන බවත් එයට සූදානම් වන සිසුන් එම ඉලක්කයට නිවසේ සිට වැඩ කරන ලෙසත් අධ්‍යාපන
අමාත්‍ය වරයා දැන්වීය.
සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අප්‍රේල් 30 වනවිට ලබාදෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
උසස් අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සිසුන්ට තිබූ අවස්ථාව රටේ තත්වය මත කල්ගිය බවත් ඊළඟට පාසල් විවෘත කරන දිනයේ සිට සති දෙකක කාලයක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සිසුන්ට අවස්ථාව ලැබෙනු ඇති බවත්ය.