ශ්‍රී ලංකා යුධ හමුදාවේ පරිහරණය පිණිස අද (15) සවස අකුරේගොඩ පිහිටි යුධ හමුදා මූලස්ථානයේ දී camera LK ආයතනයේ අනුග්‍රහයෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත Drone කැමරා
ප්‍රධානයක් සිදු කළා. මෙම අවස්ථාවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ව්‍යසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා ද එක්ව සිටියා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් හා පැවති සාකච්ඡාවකදී කොරෝනා වසංගතය මැඩ පැවැත්වීමේ දී වසා දැමුනු ප්‍රදේශ Lockdown areas නිරීක්ෂණය සදහා යුධ හමුදාව ද්‍රෝන තාක්ෂණය යොදා ගැනීමේ වැදගත්කම අවධාරනය කළ බවත් ඒ අනුව මෙරට කීර්තිමත් තරුණ ව්‍යවසායකයකු වන cameraLK ආයතනයේ අධිපති අනුෂ්ක ගුණසිංහ මහතා⁣ගෙන් ඒ සදහා මැදිහත් වෙන ලෙස තමන් කළ ඉල්ලීම අනුව මෙම Drone කැමරා ප්‍රධානය සිදු වූ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

එසේම අද පැවති සාකච්ඡාවක දී යුද හමුදාපතිතුමන් ඉදිරියේදී යුද හමුදාව තුළ Drone රෙජිමේන්තුවක් ආරම්භ කිරීම පිළිඹදව කරුණු ඉදිරිපත් කළ බවත් ඒ අනුව එම කටයුතු සදහා පහසුකම් සැපයීමට තම ආයතනය බාරගත් බවත් මෙම Drone කැමරා ප්‍රධානය සිදු කළ අනුෂ්ක ගුණසිංහ මහතා සදහන් කළා.