ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුළ කොළඹ මහ නගර සභා බල ප්‍ර දේශයේ කොළඹ මහ නගර
සභාව මගින් පාලනය වන මාර්ගයන්හි වාහන නැවතුම් ගාස්තු අයකිරීම සඳහා කිසියම් පුද්ගලයෙකුට හො

ආයතනයකට කොළඹ මහ  නගර සභාව බලය පවරා නොමැති බව නගර සභාව නිවේදනය කරයි.

එම කාලය තුළ මෙම මාර්ගයන්හි වාහන නවතා තැබීම වෙනුවෙන් ගාස්තු ගෙවීමෙන් වළකින ලෙස ජනතාවට
දැනුම් දෙන බවත් වාහන නැවතුම් ගාස්තු ගෙවීම් මීටර යොදවා ඇති මාර්ගයන්ටද අදාළ බවත් නගර
සභාව නිවේදනය කරයි.

මේ පිළිබඳව තවත් තොරතුරු අවශ්‍ය නම් 077-1093127 යන අංකය අමතන ලෙස නගර සභාව දැනුම් දෙයි.