රෝගී කාන්තාවක හලාවත මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති අතර ඇය මියගොස් ඇත්තේ පිළිකා රෝගය හේතුවෙන් බව අනාවරණය වී  ඇත. නමුත් කැස්ස සහ සෙම
තත්වයක් සහිතව කොවිඩ් 19 රෝග ලක්ෂණ සහිත බවට ඇය ගැන වැරදි වැටහීමක් ඇතිව තිබේ.

ප්‍රතිකාර ලබමින් සිටියදී රෝග විනිශ්චය සඳහා රුධිර සාම්පලයක් රජයේ වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යවා රුධිර සාම්පල ලැබීමෙන් පසු ඇයට එවැනි රෝගයක් නොතිබූ බව අනාවරණ වී ඇත.ඊයේ ඇය මියයාමත් සමඟ රෝහල තුල මහත් නොසන්සුන්තාවක් ඇතිවූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.මෙසේ හලාවත රෝහලේදී ප‍්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇත්තේ බිංගිරිය වීරපොකුණ දංවිල්ල පදිංචි දීපා සඳමාලි නැමති 47 හැවිරිදි කාන්තාවකි.

ඇය ශරීරයේ උරස්ප‍්‍රදේශයේ ඇතිව තිබෙන පිලිකාවක් සඳහා මහරගම පිළිකා රෝහලෙන් ප‍්‍රතිකාර ලබන රෝගියෙක් බවට අනාවරණය වී ඇති අතර එම රෝගී තත්වය උත්සන්න වීමෙන් අනතුරුව ඇත්වූ කැස්ස සහ සෙම තත්වයක් හේතුවෙන් මෙම රෝගියා හලාවත රෝහලට ඇතුලත් කර ඇත. අතර එහිදී රෝගී තත්වය උත්සන්න වීමෙන් අනතුරුව මරණයට පත්ව ඇත.

හලාවත දිසා රෝහල් අධ්‍යක්ෂ කේ. පී. මල්ලවාරච්චි මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා හලාවත රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී රුමේෂ් අලගියවන්න මහතාගේ රෝග විනිශ්චය තීරණය පිළිබඳව අධීක්ෂණයකින් පසු හලාවත රෝහල් හදිසිමරණ පරීක්ෂක වසන්ත ගීකියනගේ මහතා මෙම මෘත ශරීරය අවසන් කටයුතු සඳහා ඥාතීන්හට භාර දීමට කටයුතු කළේය.