ලොව පුරා පැතිර යමින් පවතින කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් විවිධ රටවල අතරමංව සිටින ශ්‍රී ලාංකිකයින් 59,000කට අධික පිරිසක් මේ වන විට ලියාපදිංචි වී ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.

විවිධ රටවල අතරමංව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සහන සැලසීම සඳහා පසුගිය මාර්තු මස අගභාගයේ දී මෙම වැඩසටහන විදේශ සබඳතා අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන ලදි.

ඒ අනුව මේ දක්වා පුද්ගලයින් 59,419 දෙනෙකු ලියාපදිංචි වී ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

මොවුන්ගෙන් 21,575 දෙනෙකු මැද පෙරදිග කලාපයේ පදිංචි පුද්ගලයින් බව ද එම අමාත්‍යාංශය සඳහන් කළේය.