රාජ්‍ය හා පෞද්ගලික
අංශයේ සේවකයින්ට හඳුන්වා දුන්, නිවසේ සිට වැඩ කරන
කාලසීමාව අප්‍රේල් 20 සඳුදා දක්වා දීර්ඝ කර තිබේ.

වෛරස ව්‍යාප්තියේ ඉහළ අවදානමක් සහිත කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය යළි දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.