සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන වල පවුල් 1800ක් පමණ නිවෙස්වල සිටම නිරෝධායනයට කටයුතු කර තිබේ.


වැලිසර නාවික නාවික හමුදා කඳවුරේ සේවය කළ සෙබලෙකු සහ ඔහුගේ බිරිඳට, ඥාති දරුවෙකුට වෛරසය ආසාදන වී තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

සෙබලා බිරිඳ සහ ඥාති දරුවා මොණාරාගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා ආසාදිත බව පරීක්ෂණවලදී හෙළිව ඇත.

මෙම ආසාදිත සෙබළා ප්‍රදේශයේ බැංකුවකට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සහ රුපියල් පන්දහසේ දීමනා ලබා ගැනීමට ද ගොස් ඇත.

එනිසා එම සියලු ප්‍රදේශවල සිටි ජනතාව පවුල් පිටින් නිරෝධායනට ලක් කිරීමට කටයුතු කර තිබේ.