කොටිකාවත්ත,  මහ බුත්ගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හදුනා ගැනීමත් සමඟ නිවාස 11 ක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.
පසුගියදා ආසාදිතයින් රැසක් හමුවූ කෙසෙල්වත්ත, ශ්‍රීමත්  බණ්ඩාරනායක මාවත ප්‍රදේශයට ගොස්
යළි පැමිණි පුද්ගලයෙකු බව
කියන මෙම රෝගියාගේ පදිංචි ප්‍රදේශය වන්නේ කොටිකාවත්තයි.
කොරෝනා ආසාදිත බවට තහවුරු කරගත් පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් 5 දෙනා මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමට කටයුතු කළ බව ගොතටුව මහජන පරීක්ෂක නිලධාරී නලින්  ෆොන්සේකා මහතා පැවසීය. හ
එම පුද්ගලයාගේ නිවස ආසන්නයේ පිහිටි නිවාස 11 ක පිරිස් ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙන බවද ඔහු කීය.