අද දින මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊළග මහමැතිවරණය ජුනි 20 පවත්වන බවට දිනයක් තීන්දු කළේය. කෙසේ වෙතත් මේ දක්වා පැහැදිලි කෙරුණු නීතිමය කරුණු අනුව ජුනි 02 ට පෙර පාර්ලිමේන්තුව රැස්කිරීමට අවශ්‍යවීම මත අවසාන දවස ලෙස මැයි මස 30 හෝ ඊට පෙර දිනයක
මහමැතිවරණය පැවැත්වීම කළ යුතුවම තිබුණි.

නමුත් එම දිනයන් පසුකර ජුනි 20 දිනය ලබාදීම නීතියට අනුකූල වන්නේ කෙසේද යන පැනය පැනනැගිණි.
මේ ගැන අද (20) රාත්‍රී රූපවාහිනී සංවාද වැඩසටහනකට එක්වූ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය දන්වා සිටියේ දිනය යෙදීම වරදක්දැයි සොයා බැලීමට අවශ්‍ය ඕනෑම කෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට යාමේ නිදහස පවතින බවයි. කෙසේ වෙතත් තමා ක්‍රියා කළේ මැතිවරණ පනතේ 'නොවූ විරූ අවස්ථාවක' ක්‍රියාකරන ආකාරය දැක්වෙන 129 වගන්තිය ප්‍රකාරව බවද දන්වා සිටියේය. එහි වරදක් ඇතොත් අධිකරණයෙන් විසදා ගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
එම වගන්තිය පහත පරිදිය.