එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ රැස්විය.එහෙත් අද එහි සමාජිකයින් විශාල පිරිසක් ඒ සඳහා සහභාගී නොවූහ. නායක රනිල් හෝ අකිල විරාජ් මහලේකම් ධූරයෙන් ඉවත් වන බවටපැතිර ගිය ආරංචිද සත්‍ය නොවීය.
අද රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමට සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු බහුතර සාමාජිකයින් අද සහභාගිවූයේ නොවීය
රැස්වීමෙන් පසුව මාධ්‍ය හමුවක් පැවති අතර එහිදී පක්ෂ මහලේක කිල විරාජ් කාරියවසම් මෙලෙස අදහස් පළ කළේ ය.

    ”අද කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී අද තීරණය කරනු ලැබුවා පක්ෂය බෙදීමකින් තොරව එක්සත් ජාතික පක්ෂයේ පදනම ආරක්ෂා කරගනිමින් මහමැතිවණයට අලියා ලකුණින් තරගකළ යුතුයි කියලා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය සහ ජාතික සමගි බලවේගය අතර අවබොධතා ගිවිසුමක් අත්සන් කිරීමටත් තීරණය කරනු ලැබුවා ඔවුන් සමග සාකච්ඡා කරළා.ඒ වගේම අද දිනයේදී නිම යෝජනා මණ්ඩලයක් පත්කරනු ලැබුවා විශේෂයෙන්ම පක්ෂනායකතුමත් නියෝජ්‍ය නායකතුමත් ඒ වගේම උපනායකතුමත් , මහලේකම්වරයත් ජාතික සංවිධායකත් , කබීර් හශීම් මැතිතුමත් ඒ වගේම රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමාගේත් ප්‍රධානත්වයෙන් යුතුව. එදා අනුමැතිය ලබා දුන්නේ ජාතික සමගි බල වේගය සන්ධානයක් විදියට ස්ථාපිත කරන්න දැන් වර්තමානයේදී සිදු වෙලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම එය පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කරල තියෙනවා.ඒ පිළිබඳව අද හැමදෙනාගේම අවධානය යොමු වුණා.මෙතන තියන ගැටළුව තියෙන්නේ තව ප්‍රශ්නයක් උදාවෙලා තියෙන්නෙ මේ සන්ධානය දුරකථනයෙන් තරඟ කළ යුතුයි කියන දේ තමයි මෙම අයගේ අදහස වුණේ නමුත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අය දුරකථනයෙන් තරඟ කිරීමට ප්‍රකාශ කරේ නැහැ. මැතිවරණ කටයුතු වෙන්නේ නාම යෝජනා මණ්ඩල සකස් කරන්නේ මේ සියල්ල සමගි බලවේගය නමින් කළාට අලියා ලකුණෙන් තමයි තරග වදින්න තීරණය කලේ ටෙලිෆේන් එකෙන් ඉල්ලනවා නම් පක්ෂ සමාජිකත්වයෙන් ඇයින් වෙලා යනවා නම් මම නම් පාර්ලිමේන්තු මැතිවරණයට ඉල්ලන්නේ නෑ”