අද පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේදී පැවති සංචාරක බටහිර කොදෙව් පිල හා ශ්‍රී ලංකා පිල අතර විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කොදෙව්වන් ලකුණු 25 ක ජයක් වාර්තා කළා.
මුලින් පන්දුවට පහර දුන් කොදෙව් පිල ලකුණු 196 ක විශාල ඉලක්කයක්
කරා ගියේ කඩුළු 4 ක් පමණක් දැවීයමිනි. ලෙන්ඩල් සීමොන්ස් නොදැවී රැස් කළ 67 එම ලකුණු ප්‍රමාණයට විශාල දායකත්වයක් දුණි.

දෙවෙනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ආරම්භයේදීම අසාර්ථක වූ අතර ලකුනු 17 ට කඩුළු 3 ක්ද ලකුණු 56 ට කඪුළු 5 ක්ද ලෙස අසාර්ථක ආරම්භයක් ලබාගත්තේය.
කෙසේ වෙතත් මෙම පීඩනයෙන් මුදවා තරගකාරී මට්ටමට ශ්‍රී ලංකා පිල රැගෙන ඒමට කුසල් ජනිත් පෙරේරා හා වනිදු හසරංග උත්සාහයක නිරත වූහ.

කුසල් ජනිත් පෙරේරා විවාහවී පසුදින 'හනිමුන්' අතර තරගයට ක්‍රීඩා කරමින් අගනා ලකුණු 66 ක ඉනිමක් ක්‍රීඩා කිරීම කාගේත් අවධානයට ලක් විය. වනිදු හසරංග 44 ක් ලබාගත්තේය.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ කඩුළු 151 වන විට ඇද වැටුණ අතර ඉන්පසු යළිත් දුර්වල ක්‍රීඩා විලාසය මතුවිය.
තරගය අවසන් වූයේ ශ්‍රී ලංකා පිලේ සියලු දෙනා ලකුණු 171 කට අවසන් පන්දු ඕවරයේදී දැවීයාමෙනි.
කඩුළු 5 ක් ලබාගත් ඔෂේන් තෝමස් ශ්‍රී ලංකා පිල බිඳ වැට්ටවීමට දායකවිය.