ප්‍රේම සබදතාවක් සම්බන්ධයෙන් විදේශික ජාතිකයින් දෙදෙනෙකු අතර ඇතිවු ගුටිබැට හුවමාරුවක් දුරදිග යෑමෙන් එක් විදේශිය ජාතිකයකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කොට ඇති බැව් හබරාදුව පොලිසිය පවසයි.
ඊයේ (08) උණවටුණ ප්‍රදේශයේ දි මෙම ගුටිබැට හුවමාරුව වි ඇත.

මෙසේ ගුටිගසා ගෙන ඇත්තේ එංගලන්ත ජාතිකයකු හා ඉතාලි ජාතිකයකු බව පොලිසිය පවසයි.

මෙරට තරුණියක් සමග ඇතිකරගෙන තිබු ප්‍රේම සම්බන්දතාවයක් හේතුවෙන් මෙම ගැටුම ඇතිවු බව පොලිසිය පවසයි. තරුණිය එංගලන්ත ජාතිකයා සමග ප්‍රේම සම්බන්දතාවයක් ඇති කරගෙන ගොස් ඇත.

පසුව එම ප්‍රේම සම්බන්දතාවය බිදවැටි තිබේ. පසුව ඇය වෙනත් විදේශිකයකු සමග සම්බන්දතාවයක් ඇතිකරගෙන ඇත.

මෙම ප්‍රේම පලහිලව්ව හේතුවෙන් එංගලන්ත ජාතිකයා විසින් ඉතාලි ජාතිකයාට පහරදි ඇත.

පහරදිම සම්බන්ධයෙන් එංගලන්ත ජාතිකයා හබරාදුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රියන්ත උදයකුමාර මහතා ඇතුළු නිලධාරින් විසින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.