තණමල්විල පොලිස් වසමේ අරඹේකෙම උනකන්ද ප්‍රදේශයේ හේන්යායක වාඩියක සිටි දෙදරු පියෙකු ඊයේ
(24) තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කොට ඇතැයි තණමල්විල පොලීසිය පවසයි.



මෙලෙස ඝාතනය කර ඇත්තේ මිද්දෙණිය හෙල්වෙල අංක 143/11 දරණ නිවසේ පදිංචි ගාර්දියවසම්
මානවඩුගේ උපුල් ඉන්දික කුමාර (43) නැමති ගොවි මහතෙකි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත. මෙම ඝාතනය සම්බන්ධයෙන්
මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (25) පැවැත්වීමට නියමිතයි.

මොනරාගල ජේෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර මහතාගේ උපදෙස් පිට තණමල්විල සහකාර පොලිස්
අධිකාරී ඒ.එච්.එස් කරුණාරත්න මහතාගේ මෙහෙයවීම යටතේ තණමල්විල පොලිස් ස්ථානාධිපති ටී.එම්
කරුණාතිලක මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

-බිබිල නඳුන් ගුණතිලක