කොරෝනා වසංගතය නිසා ස්පාඤ්ඥයේ 86 හැවිරිදි තෙරේසා කුමරිය ප්‍රංශයේදී මිය ගියාය.
මෙම වසංගතයෙන් මරු දුටු පළමු රාජකීයයා වූයේ ඇයයි.

ස්පාඤ්ඤයේ IV වන ෆෙලිපේ රජුගේ ඥාති සහෝදරිය වූ මාරියා තෙරේසා ඩි බෝර්බන්-පර්මා කුමරිය 86 වන වියේ පසු වූවාය. කුමරිය පැරිසියේ සෝර්බෝන් විශ්ව විද්‍යාලයේ සහ මැඩ්රිඩ් හි කොම්ප්ලූටෙන්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියකි. කුමරිය කිසි දිනෙක විවාහ නොවූ අතර ජීවිත කාලය පුරාම
කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පක්ෂපාතීව කටයුතු කළාය.
 මාරියා තෙරේසාගේ සහෝදරයින්  සිය සහෝදරියගේ මරණයෙන් පසු ෆේස්බුක් හි උපහාර සටහන් තබා තිබේ. කුමරියගේ ඡායාරූපයක් සමඟ අරාජුසේ කුමරු මාර්තු 26 වන දින මෙසේ ලිවීය: “අද දහවල්… අපේ සහෝදරිය වන මරියා තෙරේසාෙ කොරොන වයිරස‍ෙහි ගොදුරක් වුණා.
 ඇය වෙනුවෙන් අපි යාඥා කරමු. " මෙම පවුල මාර්තු 27 වන දින මැඩ්රිඩ් හි ඇය වෙනුවෙන් අනුස්මරණ දේව මෙහෙයක් පැවැත්වීය.