දෙරණ 360 රූපවාහිනී  වැඩසටහනට එක්වෙමින් ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි කියා සිටියේ
කොරෝනා රෝග තත්වය උත්සන්නවී අයිඩීඑච් දැඩි සත්කාර ඒකකයේ සිටින්නේ තවම දෙන්නෙකු පමණක්
බවත් එය අපේ සෞඛ්‍ය අංශ දැක්වූ දක්ෂතාවයක් බවත්ය.
එම අවස්ථාවේ එම දෙන්නා කවුදැයි නිවේදිකා දිල්කා සමන්මලී විමසා සිටි අතර ඇමතිනිය කියා සිටියේ එක් අයෙකු දෙවැනියට මුණ ගැසුණ සංචාරක මගපෙන්වන්නා සහ තවත් කෙනෙකු බවයි.
දැන් මෙම දෙන්නා සුව අතට හැරී ඇති බවත් ඇය කියා සිටියාය.
දෙවැනි වතාවට හමුවූ සංචාරක මගපෙන්වන්නාට රෝගය බෝවුනේ පළමුවරට හමුවූ සංචාරක මගපෙන්වාගෙනි. දෙවැනියට හමුවූ සංචාරක මගපෙන්වන්නා මුස්ලිම් ජාතිකයෙකු බවත් බොරැල්ලේ පදිංචිකරුවෙකු බවත් හෙළිව තිබුණ අතර ඔහු නිසා එම නිවසේ තවත් දෙන්නෙකුට මෙම රෝගය ආසාදනය වී තිබුණි.