මීට පෙර දේශපාලන වාර්තා සඳහන් කළ ආකාරයට අද දින මාධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිතය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්සන් කරන ලද
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට

අදාළ ගැසට් නිවේදනය මේ වනවිට රජයේ මුද්‍රණාලයට ලැබී තිබේ. රජයේ මුද්‍රණාලායාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ, එය මුද්‍රණයට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.
පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් මස 25 වෙනිදා පැවැත්වීමටත් මහ මැතිවරණය සඳහා වූ නාම යෝජනා භාර ගැනීම මාර්තු මස 12 සිට 19 වෙනිදා අතර සිදුකරන බවටත් එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන බව වාර්තා විය.
නව පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය මැයි මස 14 වෙනිදා රැස්වීමට නියමිත බවද වාර්තා විය.