දිවයිනේ ඕනැම පළාතකට බොදා හැරීමට තරම්  එළවළු තොග නුවරඑළියේ ඇති බවත්, අවශ්‍ය ඕනෑම අයෙක් ඉල්ලිම් කරන්නේ නම් එළවළු තොග ලබාදීම සඳහා නුවරඑළිය ආර්ථීක මධ්‍යස්ථානය සුදානම් කර ඇති බවත්
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතා පැවසීය.
දිස්ත්‍රික් ලේකම් වරයා ඒ බැව් සඳහන් කළේ,

කෘෂිකාර්මික කටයුතු සඳහා ඇඳිරි නීතිය මගින් අවසර ලබා දී ඇති නිසා නුවරඑළිය ආර්ථීක මධ්‍යස්ථානය වෙත එළවළු තොග රැගෙන එම සිදුවන බවය.

මේ පිළිබඳව අදහස් දැක්වූ නුවරඑළිය ආර්ථීක මධ්‍යස්ථානයේ කළමණාකරු ආර්.එම්. බණ්ඩාර මහතා සඳහන් කළේ, අවශ්‍ය එළවළු තෙගය පිළිබඳව උදැසණම ඇණවුම් කරන්නේ නම් ගෙවියන් දැනුවත් කර අවශ්‍ය එළවළු තොගය නැවුම්ව සවස වන විට රැස්කර තැබිය හැකි බවත්, සවස ලබාදෙන තොග ඇණවුම් සඳහා පසු දින උදැසන ලබාදීම කළ හැකි බවත්ය.