ඉන්දියාව පුරා නව කොරෝනා වයිරස් වසංගතය පැතිර යාම ඉහළ මට්ටමකට පැමිණ තිබෙන අතර
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මාර්තු 19 වන බ්‍රහස්පතින්දා රාත්‍රී 8 ට ජාතිය අමතා ලබන ඉරිදා සිට 'ජනතා ඇඳිරි නීතිය' මුළු රටටම පනවන බව දැන්වීය. දෙවන ලෝක යුද්ධයෙන්
පසු වඩාත් දුෂ්කරම අවස්ථාවට ලෝකය එළැඹ ඇතැයි දැන්වීය. ජනතා ඇඳිරි නීතිය ලෙස ඉන්දියානුවන් හඳුන්වන්නේ කඩින් කඩ පවත්වන ඇඳිරි නීතියකි.
ජනතා ඇඳිරි නීතිය බලපවත්වන්නේ සෑම දිනකම උදේ 7 සිට රාත්‍රී 9 දක්වාය.

රාත්‍රී 9 න් පසු සීමාකම් සහිතව එළියට යාමට ඒමට හැකි අතර රාත්‍රී රට පුරා ආරක්ෂක අංශ අධීක්ෂණයේ පවතී
ලොව පුරා රටවල් 100 කට අධික සංඛ්‍යාවක් බලපා ඇති කොරෝනා වෛරස් රෝගය හේතුවෙන් පොදු ස්ථානවලින් වැළකී පැය 14 ක් නිවසේ රැඳී සිටින ලෙස ජනතාවගෙන් ඔහු ඉල්ලා සිටියේය. “මාර්තු 22 වන දින උදේ 7 සිට රාත්‍රී 9 දක්වා සියලු රටවැසියන්ට ජනතා ඇඳිරි නීතිය අනුගමනය කළ යුතුයි - සියලුම පුරවැසියන් මෙයට අවනත විය යුතුයි” අගමැති නරේන්ද්‍ර මෝදි පැවසීය.
පොලිස්, වෛද්‍ය සේවා, මාධ්‍ය, ගිනි නිවීම සහ ජාතියට සේවය කිරීම වැනි අත්‍යවශ්‍ය සේවාවන්හි සේවය කරන පුද්ගලයින්ට ජනතා ඇඳිරි නීතිය සඳහා සහභාගී වීමට අවශ්‍ය නොවනු ඇත.
ඉන්දියාවේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 197 වාර්තාවී ඇති අතර අද බ්‍රහස්පතින්දා 28 කි. අද එක් අයෙකු මියගිය අතර සියලු මරණ 4 කි.
“විවිධ ප්‍රාන්ත රජයන්, වෛද්‍ය සහෝදරයින්, පරිපූරක වෛද්‍ය කාර්ය මණ්ඩල, සන්නද්ධ හා මිලිටරි හමුදා, ගුවන් සේවා අංශයට සම්බන්ධ අය, නාගරික කාර්ය මණ්ඩලය සහ වෙනත් අය ඇතුළුව COVID-19 සටන් කිරීමට පෙරමුණ ගත් සියලු දෙනාටම නරේන්ද්‍ර මෝදි කෘතඥතාව පළ කළේය.