දෛනිකව විවිධ අවශ්‍යතා සදහා කොළඹ නගරය වෙත ගමන් ගැනීමේදී ජනතාව මුහුණ දෙනු ලබන රථ වාහන තදබදය ඇතුලු වෙනත් දුෂ්කරතා හේතුවෙන් මාතලේ-කොළඹ දුම්රියක අවශ්‍යතාවය දැඩිව පවතින
බවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්.යු.ගමගේ
මහතා වෙත ප්‍රදේශයේ ජනතාව විසින් ඉල්ලීමක් යොමු කර තිබුනි. ඒ අනුව දුම්රිය රාජ්‍ය අමාත්‍ය සී.බී.රත්නායක මහතාගේ මැදිහත්වීම මත මෙම විශේෂ දුම්රිය සේවය ඉතා කඩිනමින් ජනතාවට පහසුවක් වන පරිදි යෙදවීමට හැකි වී ඇත.  එහි සමාරම්භක අවස්ථාවේදී මහනුවර දුම්රිය ස්ථානයේ සිට මාතලේ දුම්රිය ස්ථානය වෙත ආණ්ඩුකාරවරයා  ගමන් ගනිමින් මගීන්ගෙන් නව දුම්රිය සම්බන්ධ අදහස් විමසීමක නිරත විය.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී.නිමලසිරි,  පළාත් ප්‍රධාන ලේකම් කුමුදුණී කරුණාරත්න ඇතුලු මහත්ම මහත්මීන් රැසක් ද එක්වීය.

(රුක්මල් දුශාන්ත)