කොරෝනා රෝගය නිසා ලංකාවේදී මියගිය පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වූයේ මාරවිල ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි ධර්මසිරි ප්‍රනාන්දු මහතාය සංචාරක මගපෙන්වන වෘත්තියෙහි නිරතවූ ඔහුට ජර්මානු සංචාරක කන්ඩායමක් සමග
අවසන් සංචාරය

සිදු කිරීමෙන් පසු මෙම රෝගය වැළ‍ෙදන්නට ඇතැයි විශ්වාස කෙරිණි.
දියවැඩියාව අධිරුධිර පීඩනය හා වකුගඩු සැත්කමකට භාජනයවූ පුද්ගලයෙකුවූ නිසාම මෙම රෝගය සමග ඔහුගේ සිරුර දුර්වල මට්ටමකට ගෙන එන ලදි. ඊයේ (28) සවස මියගිය ඔහු අද (29) උදෑසනින්ම ආදාහනය කෙරිණි. අයිඩීඑච් රෝහලට යාබද කොටිකාවත්ත පොදු සුසාන භූමියේ ඔහු ආදාහනය කරන අවස්ථාවට ඥාතීන් 3 දෙනෙකුද එක්වූ අතර ලෝක සෞඛ්‍ය සවිධාන නිර්දේශ මත විෂබීජ පිට නොවන්නට ඉතා ආරක්ෂාකාරී ලෙස කුමවේදයක් අනුගමනය කර ආදාහනය සිදු කෙරිණි.