ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය සම්බන්ධයෙන් රජය පනවා තිබූ නීති රීති වල ගැටලුකාරී තත්වය හේතුවෙන් අද දිනයේ දඹුල්ල, මීගොඩ  ආර්ථික මධ්‍යස්ථානවලට සහ මැනිං වෙළෙදපලට  එළවළු මිලදී ගැනීම සදහා තොග
වෙළෙදුන් නොපැමිණීම හේතුවෙන් වෙළෙඳ කටයුතු අද සවස වනවිට මුණුමණින්ම ඇණ හිටි බව වාර්තා විය.
එලවළු මිල ශිඝ්‍ර වශයෙන් පහත

බැස ගිය අතර දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවල ව්‍යාපාර කටයුතු අසාර්ථක විය.
ඇඳිරි නීතිය  අතර ආර්ථික මධ්‍යස්ථාන හරහා එළවළු, පලතුරු ආදිය රටපුරා බෙදාහැරීමට රජය ගෙන ආ නිර්නායක ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම තත්වය ඇති විය.
ඇතිවූ තත්වය විසඳන්නට අගමැති මහින්ද රාජපක්ෂට මැදිහත්වන්නට සිදුව ඇති අතර
එලවළු, පළතුරු සහ පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන වාහන සදහා අවසර පත්‍ර ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පොලීසියට උපදෙස් ලබා දී තිබුණි.
අගමැති කාර්යාලය මේ ගැන නිකුත් කළ නිවේදනය පහතින්