අම්බලන්ගොඩ ප්‍රදේශයේ පිහිටි මැතිවරණ කොම්සමේ සභාපති මහින්ද දේශප්‍රියගේ නිවස සොරුන් බිඳ ඇති බව අම්බලන්ගොඩ පොලීසිය සඳහන් කර ඇතිබව වාර්තාවේ.


නිවසේ පිටුපස පිහිටි නාන කාමරය අසල බිත්තියේ ඇති කුහරයකින් සොරා නිවෙස තුලට ඇතුල්වී ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියි.

සොරා නිවස තුල ඔබ මොබ ඇවිද ඉන් පසුව ප්‍රධාන දොරෙන් පිටව ගොස් ඇතිබවත්,

නිවසේ ඉදිරිපිට දොර විවෘතව ඇතිබව අසල්වාසියකුගේ දැනුම්දීමකට අනුව සොයා බැලීමකදී සොරුන් පැමිණ ඇතිබවත් අනාවරණය වී ඇත.

මහින්ද දේශප්‍රිය මහතාගේ මෙම නිවස අම්බලන්ගොඩ / බටපොළ මාර්ගයේ අම්බලන්ගොඩ පෝරඹ ප්‍රදේශයේ මාර්ගය අයිනේ පිහිටා ඇති බවත් එම නිවස දැනට කාලයක් තිස්සේ සිටම වසා දමා තිබෙන බවත් සඳහන් වේ.

එමෙන්ම සොරුන් විසින් නිවසින් කිසිවක් රැගෙන ගොස් නොමැති බවත් අම්බලන්ගොඩ පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් සඳහන් කර ඇත.