හෙට (24) පෙව 10 ට අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ
නායක රැස්වීමක් පවත්වන බව වාර්තාවී තිබේ.
කොරෝනා වෛරස ආපදා තත්වය කළමනාකරණය කිරීම සම්බන්ධ සියලු පක්ෂ එකතුවී වැඩිදුර කරුණු සාකච්ඡා කිරීම එහි අරමුණයි. මෙම රැස්වීමට අගමැති මහින්ද, ජාතික ජනබලවේගයේ සජිත්, මුස්ලිම් කොංග්‍රසයේ රාවුෆ් හකීම් ඇතුළු පක්ෂ නායකයින් රැසක්ම සහභාගී වනු ඇතැයි වාර්තාවේ.