නව කොරෝනා වෛරසය ආසාදනය වී ඉතාලියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රී ලාංකික කාන්තාව සම්පූර්ණ සුවය ලබා ඇතැයි ඉතාලියේ රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටී.


අද (13) එම කාන්තාව ප්‍රතිකාර ලබමින් සිටි රෝහලෙන් පිටව සිය නිවස වෙත ගොස් ඇති බව එම තානාපති ආරංචි මාර්ග සඳහන් කර සීටී.

ඉතාලියේ බ්‍රේෂියා ප්‍රදේශයේ දී කොරෝනා ආසාදිත වීමෙන් ඇය ඉකුත් 03 වැනිදා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරුණු අතර ඇය හොරණ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

46 හැවිරිදි කාන්තාවක් වන ඇයට  මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වූයේ ඇය විසින් රැක බලාගත් එරට රෝගී කාන්තාවක ගෙනි.

ඇය ලංකාවේන් පිටතදී නව කොරෝනා වෛරසය ආසාදනය වු බවට හඳුනාගත් පළමු ලාංකික පුද්ගලයා විය.
(තිළිණි ද සිල්වා)