රජයේ විශ්ව විද්‍යාලවල ඊ-ඉගෙනුම් (e- learning) ක්‍රමය යටතේ ලියාපදිංචිව ඇති සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබාදෙන ලෙස
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට උපදෙස් දී තිබෙනවා.

අදාළ සිසුන්ගේ තොරතුරු විශ්වවිද්‍යාල පරිපාලනය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් විදුලි සංදේශ නියාමන කොමිසමට යොමු කර තිබෙනවා. වැඩසටහන හෙට සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව එහි අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා පවසනවා.

පවතින තත්ත්වය සමනයට පත්වන තෙක් පමණක් අන්තර්ජාල පහසුකම් සැපයීම නොමිලේ සිදු කෙරෙන බවද ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.