'කෝවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය  ඉන්දියාවේ පැතිරීමත් සමග එරට ප්‍රාන්ත රැසක කොස් මිල ඉහළ ගොස් ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.  ඉන්දියාවෙන් මේ වනවිට 'කෝවිඩ් 19' හෙවත්  නව කොරෝනා වයිරස ආසාදිතයන් 62 දෙනකු හමුවී ඇත. එක් මරණයක් වාර්තා වෙයි. වයිරසය ව්‍යාප්තවීම
වැළැක්වීමට ඉන්දීය මධ්‍යම
රජයේ උපදෙස් පරිදි, ප්‍රාන්ත මට්ටමින් සෞඛ්‍ය  බලධාරින් ජනතාව දැනුවත් කර තිබේ.  ඉන්දියානුවන් කුකුළු මස් සහ එළුමස් බහුලව ආහාරයට ගන්නා නමුත් කොරෝනා වයිරසයට  බියෙන් ඉන්දියානුවන් මස් ආහාරයට නොගන්නා බව පැවැසෙයි. බොහෝ දෙනාගේ විශ්වාසය වීම ඇත්තේ මස් ආහාරයට ගැනීමෙන් කොරෝනා වයිරසය ආසාදනය විය හැකි බවය. කෙසේ නමුත් එය වැරදි මතයකි.

මස් ආහාරයට ගැනීම අඩු වෙද්දී, ඒ වෙනුවට විකල්පයක් ලෙස කොස්වලින් සකස් කර ගන්නා ආහාර  (විශේෂයෙන් බුරියානි) ආහාරයට ගැනීමට ඉන්දියානුවන් පෙළඹී ඇති බවත් මේ හේතුව නිසා කොස් මිල ඉහළ ගොස් ඇති බවත් ඉන්දීය පුවත් සේ පැහැදිලි කර තිබේ. මේ අතර, කොරෝනා 19 වයිරසය පැතිරීම වැළැක්වීමේ අරමුණින්, මාසයක කාලයකට වීසා නිකුත් කිරීම තාවකාලිකව නවතා දැමීමට ඉන්දීය  රජය තීරණය කර ඇත. ඉන්දීය රජය ගත් මෙම තීරණය එරට සංචාරක කර්මාන්තයට පමණක්
නොව හෝටල් ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල කරනු ඇතැයි ද පැවැසෙයි.