අමෙරිකාවේ පැවැති IFBB ප්‍රෝලීග් ආර්නෝල්ඩ් ක්ලැසික් ලෝක ශූරතා කායවර්ධන
තරගාවලියෙන් සිව්වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් සමත්ව තිබේ.

IFBB ප්‍රෝලීග් ආර්නෝල්ඩ් ක්ලැසික් ලෝක ශූරතා කායවර්ධන තරගාවලිය මාර්තු 6 සහ 7 යන දෙදින අමෙරිකාවේ කොලොම්බස් නගරයේදී පැවැත්වුණි.

එම තරගාවලියට ලොව පුරා රටවල් රැසක කායවර්ධන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහබාගී වී සිටි අතර කිලෝග්රෑම් 100ට වැඩි බර පංතිය නියෝජනය කරමින් සහභාගීවී සිටි ක්‍රීඩකයන් ගණන 20 කි.

එහිදි කිලෝග්රෑම් 100ට වැඩි බර පංතිය නියෝජනය කරමින් තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ කාය වර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් සිව්වන ස්ථානය දිනාගත්තේය.

මෙම තරගාවලියට කිලෝග්රෑම් 100ට වැඩි බර පංතිය යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවු පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ලූෂන් පුෂ්පරාජ්.