කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ පවුලේ අයෙක් කොරෝනා ආසාදිත බව හෙළිවීමෙන් කොල්ලුපිටිය හැටන් නැෂනල් බැංකුව වසා දමා තිබේ.



ශාඛාවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුගේ මව/පියා COVID-19 සඳහා ධනාත්මක බව හෙළිවීමෙන් අනතුරුව කොල්ලුපිටිය හැටන් නැෂනල් බැංකු ශාඛාවේ සියලුම මෙහෙයුම් දින 14 ක් සඳහා වසා දැමූ බවට බැංකුව කළ නිවේදනය මෙසේය.

“පූර්වාරක්ෂා පියවරක් ලෙස හැටන් නැෂනල් බැංකු  ශාඛාව වසා දමා ස්වයං නිරෝධායනයකට එළඹෙන ලෙස ශාඛාවේ සමස්ත කාර්ය මණ්ඩලයට උපදෙස් දී තිබේ. මේ අතර, මෙම ශාඛාවේ සියලුම මෙහෙයුම් දින 14 ක කාලයක් සඳහා වසා දමා ඇති අතර නිසි විෂබීජ නාශක ක්‍රියාවලීන් සිදු කෙරෙමින් පවතී. ”
කොල්ලුපිටිය ශාඛාවේ අතුරු ගනුදෙනුකරුවන්ට ඒ අවට ඇති වෙනත් ඕනෑම HNB ශාඛාවක් ඔවුන්ගේ හදිසි බැංකු අවශ්‍යතා සඳහා භාවිතා කළ හැකි බව ද එහි සඳහන් ය. වසංගතයේ මෙම කාලය තුළ ගනුදෙනු සිදු කිරීම සඳහා HNB හි ඩිජිටල් සේවා භාවිත කරන්නැයි දන්වා ඇත.